විස්තරය
සිහින මහන අපි
ඇඟලුම් කර්මාන්තය වටා සිටින ප්‍රජාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමේ අරමුණින්, සිහින මහන්න ව්‍යාපෘතිය 2018 වසරේදී බොබින් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලදී.
1989 වසරේදී ඇඟලුම් කර්මාන්තයට සෑම අංශයකින්ම සහය දැක්විය හැකි ව්‍යාපාරයක අවශ්‍යතාවය හඳුනාගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ දර්ශනයෙන් බොබින් සමූහය ව්‍යාපාරය බිහි විය. අදවනවිට ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත සඳහා ලෝකයේ ඉහළම සැපයුම්කරුවන් සමඟ ප්‍රධාන හවුල්කාරිත්වයක් ලබා ගනිමින් බොබින් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට පූර්ණ සහයෝගය ලබා දිය හැකි බව සහතික කර ඇත. එවන් වටිනා කමක් කර්මාන්තය වටා සිටින ප්‍රජාවටද ලබාදීමේ අරමුණින් ආයතනය විසින් නවතම බොබ්ජෙට් නිෂ්පාදන පෙළ හඳුන්වාදීමද, ඔවුන්ට අවශ්‍ය දැනුම උපදෙස් සියල්ල බෙදාහදා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබාදීමට විෂේශ වැඩමුලුවන් රට පුරා පවත්වනු ලැබේ. එමෙන්ම යෞවනත්වයේ ඉදිරියට ඒමට වෙරදරන විශ්වවිද්‍යාල හා අනෙකුත් ආයතනික සිසුන් හා විලාසිතා නිර්මාණකරුවන් සඳහාද සෑම දිස්ත්‍රික්කයකම විෂේශ වැඩමුලු පවත්වනු ඇත.
මෙම ව්‍යාපෘතිය අලෙවිකරණය පමණක් මුල්කොට නොවන හෙයින් අපගේ පාරිභෝගිකයන්ගේ දැනට පවතින ව්‍යාපාරය දියුණු කරගැනීමටත්, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් අවශ්‍ය භෞතිකමය හා මූල්‍යමය උපදෙස් ලබාදීමට අපගේ පළපුරුදු උපදශකවරුන් ඔබ හා සම්බන්ද වෙනු ඇත. ඔබත් එන්න සිහින මහන්න ශ්‍රි ලංකාවේ විශ්වසනීයම ආයතනයත් සමග.
සිහින මහන සෙනසුරාදා
තමාගේම මැහුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇති ජනතාවට අතහිත දීමේ අරමුණින් සෑම මසකම නොමිලේ පැවැත්වෙන වැඩමුලුවකි.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා
යෞවනත්වයේම ජීවිතය ජයගන්න වෙරදරන විලාසිතා නිර්මාණකරුවන් සඳහා අලුත්වන විලාසිතා ශිල්පීය ක්‍රම සමගින් යාහැකි පරාසය වෘතීමය වශයෙන් පෙන්වාදීම හා ඔවුන්ගේ අදහස් නිර්මාණයක් ලෙස නිමකරවා ගැනීම සඳහා උපදෙස් මෙන්ම අතහිත ලබාදෙනු ඇත.
සමිති සමාගම්
සඳහා
දිරියෙන් නැගිටින ජනතාවට අතහිත දීමේ අරමුණින් ඔවුන්ගේ සමිති සමාගම් හා සම්බන්දවෙමින් ඔවුන්ගේ ගම් නගර වෙතම ගොස් අපගේ කණ්ඩායම අවශ්‍ය උපදෙස් හා මැහුම් උපකරණ ලබාදෙනු ඇත.
ගම් නගර සිසාරා
අපගේ බොබ්ජෙට් වෑන් රථය ඔබට අවශ්‍ය සියලුම මහන මැෂින් සහ උපාංග සමඟ ඔබේ ගමට නගරයට පැමිණෙනු ඇත. වැඩි විස්තර සඳහා Facebook හි අපව අනුගමනය කරන්න!
නිෂ්පාදන
බොබ්ජෙට් නිෂ්පාදන පෙල
Domestic Embroidery Machine
Domestic Embroidery machine with a power saving motor and the capability of running for 24 hours. Can be used for lightweight materials, fabric and leather.
වැඩි විස්තර
Single Needle Full Option Machine
Full option type single needle machine with a direct drive power saving motor.
වැඩි විස්තර
Domestic Sewing Machine
The only domestic sewing machine you need with 90 stitch designs including Zig Zag, Buttonhole and simple embroidery designs.
වැඩි විස්තර
Bottle Iron and Table
Electricity: 120V / 220V Wattage: 1200W2. Weight: 2.10kg3 one-touch button switch type, Size of the water tank: 4.0L, Silicone Hose
වැඩි විස්තර
Bobjet Designer's Box
Sewing machines foot box The Fashion Designer’s Kit an affordable, lightweight tool kit complete with all the basic accessories a fashion designer needs.
වැඩි විස්තරFacebook හරහා අපත් සමඟ එකතු වන්න!
නව නිෂ්පාදන, ව්‍යාපෘති සහ අපගේ පුවත් පිළිබඳ යාවත්කාලීන වීම සඳහා ෆේස්බුක් හි අපව අනුගමනය කරන්න!
ඔබත් එන්න “සිහින මහන්න”
සිහින මහන්න ගීතය
රූ රටා මවනා ලෝකේ
පාට කල විලාසිතාවේ
අලුත් වෙන පරම්පරාවේ ජීවය නුබයි
දුක් විඳපු ජීවිත අපගේ
ගොඩනැගුනෙ ඔබගේ සෙවනේ
විශ්වාසයෙන් ආදරෙන්... //
සිහින මවනා ලෝකයේ මානයේ
සිහින මහනා ජීවයයි මා ලැබුවේ… //
සිත්තම් බැඳි ගෙත්තම් කල නාමයයි දේශයේ
දියුණුවේ මග පෙන්වමින් ඔබ දිරිය දුන් ප්‍රාණයයි.. //
හදවතේ.....
Contact Us
විමසීම්
ලිපිනය:
නො. 543, ගාලු පාර, ගල්කිස්ස.
විද්‍යුත් තැපෑල:
marketing@bobbin.lk
අප අමතන්න:
+94 112 735 391-6
